Friday, May 3, 2024

General line - 0115112241

නෙත් කෝකිල වසන්තයෙන් ඉමදූව බැබලෙයි




දකුණු ලකටම ආලෝකයක් එක් කරමින් නෙත් කෝකිල වසන්තය මේ වන විටත් අති සාර්ථකව ගාල්ල, ඉමදූව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

පෙරවරුවේ තරග ආරම්භ කිරීමට පෙර සිටම නෙත් ශ්‍රාවකයින් බොහෝ පිරිසක් ඉමදූව මහජන ක්‍රීඩාංගනයට පැමිණ සිටි බවයි එහි සිටින නෙත් විශේෂ නියෝජිතයින් පැවසුවේ.

නෙත් කෝකිල වසන්තයේ තරග ආරම්භ වූයේ පිරිමි මැරතන් ධාවන තරගයෙන්.

එහි පළමු ස්ථානය හිමි කර ගත්තේ ජී ඩී එස් එස් සේනානායක විසින්.

දෙවන ස්ථානය එච් එච් තරංගට සහ තුන්වන ස්ථානය ඩී ජී අයි සහන් දිනා ගත්තා.

ඉන් අනතුරුව කාන්තා මැරතන් තරගය  පැවැත්වුනා.

එහි පළමු ස්ථානය හිමි කර ගත්තේ ජේ කේ කේ මල්ෂි චතුමිනි විසින්.

ඩිලානි සදරේකා සහ ජිත්මි අනුරුද්දිකා පිළිවෙලින් දෙවන සහ තුන්වන ස්ථාන හිමි නර ගත්තා.

නෙත් කෝකිල වසන්තයට එක්වූ කිහිප දෙනෙකුද මෙහිදී අදහස් පළ කළා