Saturday, May 4, 2024

General line - 0115112241

ශ්‍රි පාද උඩ මළුවෙන් පහලට පැන්න  තරුණයා සොයා යුධ හමුදාවෙන් විශේෂ මෙහෙයුමක්.(සිසිටිවි දර්ශන සහිතයි)




ශ්‍රි පාද වන්දනාවේ පැමිණි තරුණයෙක් උඩ මළුවේ රත්නපුර මාර්ගයේදි ආරක්ෂිත වැටෙන් පහලට පැන තිබෙනවා 

නල්ලතන්නිය පොලිසිය පැවසුවේ එලෙස  උඩ මළුවෙන් පහලට පැන  ඇත්තේ හම්බන්තොට සුරියවැව ප්‍රදේශයේ පදිංචි  තරුණයෙක්. 

ඔහු සුරියවැව ප්‍රදේශයේ කාන්තාවන් දෙදෙනෙකු සමග ශ්‍රි පාද වන්දනාවේ පැමිණ තිබෙනවා.

එම තරුණයා සොයා ලක්ෂපාන යුධ හමුදා කදවුරේ භට පිරිස් විසින්  ශ්‍රි පාද උඩ මළුව රක්ෂිතයේ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ .