Saturday, May 4, 2024

General line - 0115112241

අමතර නළා සවිකල රියදුරන්ට වැඩ වරදී




අමතර නළා සවිකර ඇති බස් රථවල රියදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ මගීන්ට හිරිහැර වන ආකාරයට බස් රථ තුළ සවිකර ඇති කැසට් යන්ත්‍රවලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කරන බවයි.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් මගීන්ටද පොලිසියට පැමිණිලි කළ හැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා. 

රියදුරන් විසින් සිදුකරන මෙවැනි ක්‍රියා සම්බන්ධයෙන් පොලිසිය දැඩි අවධානයෙන් පසුවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.