Friday, May 3, 2024

General line - 0115112241

ඉමදූවේදී සංගීතයෙන් හැඩවන නෙත්සර රාත්‍රියට සියල්ල සූදානම්




ගාල්ල, ඉමදූව මහජන ක්‍රීඩාංගණයේදී අද උදෑසන ආරම්භවූ නෙත් කෝකිල වසන්තයේ අවසන් තරඟය වන අවුරුදු කුමරිය තේරීමේ තරඟය වෙත බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබෙනවා.

එය නැරඹීම සඳහා බොහෝ පිරිසක් මේ වනවිට ක්‍රීඩාංගනයේ රැඳී සිටිනවා.

එමෙන්ම දිවයිනේ ජනප්‍රිය තරු පිරිවරා සංගීත කණ්ඩායම් දෙකකින් හැඩවන නෙත්සර රාත්‍රිය ආරම්භ කිරීම සඳහා සියලු කටයුතු සූදානම් බවයි ඉමදූව මහජන ක්‍රීඩාංගණයේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර පැවසුවේ. 


නෙත් කෝකිල වසන්තයට එක්වූ කිහිප දෙනෙකුද අද දිනයේ ලද අත්දැකීම් සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළකළා.