Saturday, May 4, 2024

General line - 0115112241

බක් පුර පසළොස්වක පොහොය අදයි - නෙත් ශ්වේත පූජා බවුන් සෙත් සුව සෙවනේදී




ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදු වූ බක් පුර පසළොස්වක පොහොය අදයි.

චූලෝදර හා මහෝදර නා රජුන් දෙදෙනා අතර පැවති සටන සමථයකට පත් කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළේ අද වන් දිනක බවයි ශාසන ඉතිහාසයේ දැක්වෙන්නේ.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජරට විශ්වවිද්‍යාලයේ මහාචාර්ය පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ.


බක් පුර පසළොස්වක පොහොය දිනයේ සිදු වූ තවත් වැදගත් සිදුවීම් කිහිපයක් පිළිබඳවද පූජ්‍ය ඔලගන්වත්තේ චන්දසිරි ස්වාමීන් වහන්සේ කරුණු පැහැදිලි කළා.


මේ අතර සෑම පුර පසළොස්වක පොහොය දිනකම නෙත් එෆ් එම් රේඩියෝව සංවිධානය කරන ශ්වේත පූජා පිංකම් මාලාව අද දවස පුරා පැවැත්වෙනවා.

ඒ, දෙකටන, හැලුම්මහර බවුන් සෙත් මානසික සුව සෙවනේදීයි. උදෑසන 06ට උවැසි උවැසියන් සිල් සමාදන් කරවීමෙන් නෙත් එෆ් එම් ශ්වේත පූජා වැඩසටහන ආරම්භ වුණා.

ඒ පිළිබඳ නවතම තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සම්බන්ධ වනවා දෙකටන, හැලුම්මහර බවුන් සෙත් මානසික සුව සෙවනේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.