Saturday, May 4, 2024

General line - 0115112241

රුපියල් හය කෝටියකට අධික රන්භාණ්ඩ සොරා ගත් දෙදෙනෙකු අත්අඩංගුවට




කලවාන ප්‍රදේශයේ පුද්ගලික මූල්‍ය ආයතනයක් බිඳ එහි රන් භාණ්ඩ සොරකම් කළ පුද්ගලයන් දෙදෙනෙකු කලවාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 26ත් 33ත් අතර වයස්වල පසුවන කලවාන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙක්. අදාළ මූල්‍ය ආයතනයේ තිබී සැකකරුවන් විසින් කිලෝ ග්‍රෑම් 03යි ග්‍රෑම් 770ක් පමණ බර රන් භාණ්ඩ තොගයක් සොරකම් කර ඇති බවයි පොලීසිය පැවසුවේ.

ඒවායේ වටිනාකම රුපියල් හය කෝටි අසූනව ලක්ෂ 78,000කට අධික බවද පොලීසිය පැවසුවා.

සොරකම් කරන ලද රන් භාණ්ඩ සොයා ගෙන ඇති අතර කලවාන පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.