Saturday, May 4, 2024

General line - 0115112241

විදේශ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගමදී අත්අඩංගුවට




විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ වෙනත් යුරෝපීය රටවල රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද පැමිණිල්ලකට අනුව සිදු කළ වැටලීමකදීයි.

පන්නල ප්‍රදේශයේ එම ව්‍යාජ විදේශ රැකියා ආයතනය පවත්වාගෙන යමින් කාන්තාවකගෙන් සහ තවත් පුද්ගලයෙකුගෙන් රුපියල් ලක්ෂ 02ක මුදලක් ලබා ගැනීමට යාමේදී අදාළ සැකකරු මෙලෙස පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුගේ නිවස පරික්ෂා කිරීමේදී එහි තිබී විදේශ ගමන් බලපත්‍ර 50ක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය සමග එක්ව බඩල්ගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.