Saturday, May 4, 2024

General line - 0115112241

ඉන්දීය පන්දු යවන්නෙකුගෙන් IPL ඉතිහාසයේ නොමැකෙන වාර්තාවක්




ඉන්දියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් ඉතිහාසයේ කඩුලු 200ක් දවා ගත් පළමු ක්‍රීඩකයා ලෙස වාර්තා අතරට එක් වීමට රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වෙන්ද්‍රා චහල් සමත් වුණා.

ඒ, මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම අතර ඊයේ පැවති තරඟයේදී මෙහොමඩ් නබීගේ කඩුල්ල දවා ගැනීමත් සමගයි.

මෙම තරඟයේදී  යුස්වෙන්ද්‍රා චහල් පන්දු ඕවර 04ක් ක්‍රියාත්මක කළ අතර ලකුණු 48කට එක් කඩුල්ලක් දවා ගත්තා. 

2013 වසරේ සිට IPL තරඟවලට ක්‍රීඩා කර ඇති චහල් තරඟ 153කදී මෙම දස්කම දක්වා තිබෙනවා.

මෙවර IPL තරඟාවලියේදී තරඟ 08කට ක්‍රීඩා කර ඇති චහල් මේ දක්වා දවා ගෙන ඇති කඩුලු සංඛ්‍යාව 13ක්.

චහල්ට පසුව IPL ඉතිහාසයේ වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගෙන ඇති පන්දු යවන්නා වන  ඩිවයින් බ්‍රාවෝ තරඟ 161කට ක්‍රීඩා කර ඉනිම 158කදි කඩුලු 183ක් දවා ගෙන තිබෙනවා.