Saturday, May 4, 2024

General line - 0115112241

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා අභාවප්‍රාප්ත වෙයි



ශ්‍රී ලංකා දුම්රිය සේවයේ 32වන සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළ ඉංජිනේරු එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් අභාවප්‍රාප්තවී තිබෙනවා.

ඒ, අනුරාධපුර ප්‍රදේශයේ පැවැති දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩසටහනකට සහභාගීවී සිටියදීයි.

අද පෙරවරුවේ හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් අනුරාධපුර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.

එච්.එම්.කේ.ඩබ්ලිව්. බණ්ඩාර මහතා 2023 වසරේ නොවැම්බර් මස 03වන දින සිට මේ දක්වා කාලය තුළ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කළා.