Friday, May 3, 2024

General line - 0115112241

චමරි අතපත්තු එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල පළමු තැනට




ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ලෝක එක්දින ක්‍රිකට් පිටියේ පිතිකාරිණියන් අතර පළමු ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත්වී තිබෙනවා.

ඒ, ප්‍රසාද ලකුණු 773ක් හිමිකර ගනිමින්. නිමාවට පත්වූ දකුණු අප්‍රිකානු සංචාරයේදී පිත්තෙන් දස්කම් දැක්වූ චමරි අතපත්තු එම තරඟාවලියේ අවසන් තරඟයේදී දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිිකට් කණ්ඩායමට එරෙහිව නොදැවී ලකුණු 195ක් රැස්කිරීමට සමත් වුණා.

චමරි අතපත්තු මීට පෙර එක්දින පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අංක 02 ස්ථානයේ රැඳී සිටියා.

පසුගිය ශ්‍රේණිගත කිරීම්වලදී අංක 01 ස්ථානයේ රැඳී සිටි එංගලන්ත ක්‍රීඩිකා නැටලි ස්කයිවර් බ්‍රන්ට් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව දෙවන ස්ථානය දක්වා පසුබැස තිබෙනවා.

චමරි අතපත්තු මීට පෙරද පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල අංක 01 ස්ථානයට පැමිණියා.