Wednesday, May 8, 2024

General line - 0115112241

විවාද දෙකට මැදිහත් වන්නැයි සජබය කළ ඉල්ලීම ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ මහ සභාවට. 




ජාතික ජනබලවේගය සහ සමගි ජනබලවේගය අතර පැවැත්වීමට නියමිත විවාද 02 සංවිධාන කිරීම සහ අනෙකුත් විධි විධාන සැලැස්වීමට මැදිහත් වන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ අවධානය යොමුව තිබෙනවා.

එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය ජයරත්න පැවසුවේ අද පැවැත්වෙන ජාතික මහ සභාවේදී ඒ පිළිබඳ සාකච්ඡා කරන බවයි.


අදාළ විවාද 02 සඳහා මැදිහත් වන්නැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයෙන් එලෙස ඉල්ලීමක් කර තිබුණේ සමගි ජනබලවේගය විසින්. විවාදය සඳහා පත් කළ සම්බන්ධීකාරක සහ සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ශ්‍රී ලංකා නීතිඥ සංගමයට පැමිණ එම ඉල්ලීම සිදු කර තිබුණා.

එම විවාද 02 සඳහා කළ ඉල්ලීම්වලට අනුව ජාතික ජනබලවේගයෙන් නිසි පිළිතුරු නොලැබීම හේතුවෙන් මෙලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සහය පැතීමට තීරණය කළ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පැවසුවේ.