Wednesday, May 8, 2024

General line - 0115112241

ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී ශ්‍රී ලංකාවට තවත් පදක්කමක්.




වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී තවත් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වී තිබෙනවා.

ඒ, මීටර් 400, 4 මිශ්‍ර සහය දිවීමේ ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගනිමින්. එම ඉසව්වේ රන් පදක්කම දිනා ගනු ලැබුවේ චීනයයි.

ඉන්දියාවට එම ඉසව්වේ රිදී පදක්කම හිමි වුණා.  

මේ අතර, වයස අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ කාන්තා තුන්පිම්ම ඉසව්වෙන් රිදී පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාව මීට පෙර සමත් වුණා.

එහිදී ශ්‍රී ලංකාවට රිදි පදක්කම දිනා දුන්නේ නෙත්මිකා මදුශානී හේරත්.

ඇය එහිදී මීටර් 13යි 01ක දුරක් වාර්තා කර තිබෙනවා.

නෙත්මිකා මදුශානී හේරත් මොනරාගල බිබිල නන්නපුරාව මහා විද්‍යාලයේ ශිෂ්‍යාවක්.

මෙවර අවුරුදු 20න් පහළ ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය ඩුබායි හිදී පැවැත්වෙනවා.