Thursday, May 9, 2024

General line - 0115112241

තායිවානයේ ප්‍රබල භූ කම්පනයක්.




තායිවානයේ නැගෙනහිර හුවාලින් ප්‍රාන්තයට ඔබ්බෙන් වූ ප්‍රදේශයේ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එරට කාලගුණ බලධාරීන් පෙන්වා දෙන්නේ එම භූ කම්පනයේ ප්‍රභලත්වය රිච්ටර් මාපක 6යි දශම 1ක් ලෙස සටහන්ව ඇති බවයි.

භූ කම්පනයෙන් තායිපේ අගනුවර ගොඩනැගිලි සෙළවීමක්ද සිදුව ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේවෙතත් භූ කම්පනයෙන් සිදුවූ හානිය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.    

මේ අතර, හුවාලින් ප්‍රාන්තය ආශ්‍රිතව අප්‍රේල් මුල් සතියේ රිච්ටර් මාපක 7යි දශම 2ක් වූ ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා.

ඉන් පුද්ගලයින් 17 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.