Friday, May 10, 2024

General line - 0115112241

ස්විඩනයට ගිය අනුරට උණුසුම් පිළිගැනීමක්




ස්වීඩනයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එරටදී අද ජනහමුවකට එක්ව තිබෙනවා.

එම ජනහමුව පවත්වා ඇත්තේ ස්වීඩනයේ නකා අවුලාහිදීයි.

ජාතික ජන බලවේගයේ ස්වීඩන විදෙස් කමිටුව විසින් මෙම ජන හමුව සංවිධාන කර තිබෙනවා.

ස්විඩනයේ පැවැත්වෙන ජනහමු කිහිපයකට සහභාගීවීම සඳහා ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක ස්විඩනය බලා පිටත්ව ගියේ පසුගිය 25වනදා රාත්‍රියේදීයි.

ස්වීඩනයේ ස්ටොක්හෝම් ගුවන් තොටුපොළ වෙත පැමිණි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයා එරට වෙසෙන ශ්‍රී ලංකිකයන් පිරිසක් විසින් උණුසුම් අයුරින් පිළිගෙන තිබෙනවා. 

මේ අතර වෙනත් පක්ෂවලින් එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් කළුතර පැවැති ජන හමුවකදී ජාතික ජන බලවේගයේ විධායක සභික වෛද්‍ය නලින්ද ජයතිස්ස ප්‍රතිචාර දැක්වූවා.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වැඩිපිරිසක් සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ බවයි වෛද්‍ය නලින්ද ජයතිස්ස වැඩිදුරටත් පැවසුවේ.



කෙසේවෙතත් කෑගල්ලේ පැවැති ජන හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගය සම්බන්ධයෙන් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන දැක්වූයේ මෙවන් අදහසක්.