Saturday, May 11, 2024

General line - 0115112241

සජිත්ගෙන් ජාතික ජන බලවේගයට දැනුම් දීමක්




සමගි ජන බලවේගයේ හා ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සහ නායකයින් අතර ඕනෑම අවස්ථාවකදී විවාදයට සූදානම් බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

තම පක්ෂය කිසිවිටෙකත් එම විවාද මඟහැරීමට උත්සාහ නොකරන බවයි ගම්පහ, අත්තනගල්ල, උඩුගහ වල්පොළ ඒකාබද්ධ විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ වැඩසටහට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.