Wednesday, May 15, 2024

General line - 0115112241

ආර්ථික සංවර්ධන නිලධාරින් අද එක්දින වැඩ වර්ජනයක




ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආර්ථික සංවර්ධන නිලධාරින් අද ලෙඩ නිවාඩු වාර්තා කර එක්දින වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එහි ප්‍රධාන ලේකම් වසන්ත ලංකාතිලක පැවසුවේ සිය ගැටලුවලට රජයෙන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් රජය සිදුකරන සංවර්ධන වැඩසටහන්වලින් මැයි පළමුවනදා සිට ඉවත් වන බවයි. 


අද දිනයේ සිය සාමාජිකයින් කිසිදු රාජකාරී කටයුත්තක නිරත නොවන බවද සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා