Thursday, May 16, 2024

General line - 0115112241

ප්‍රමිතියෙන් තොර සහල් ගැන රාජ්‍ය පරිපාලන ලේකම්ගෙන් දිස්ත්‍රික් ලේකම්වරුන්ට දැනුම් දීමක්




අඩු ආදායම්ලාභී පවුල් සඳහා රජය විසින් නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහනේදී එම සහල් ප්‍රමිතියෙන් තොර බවට සහ මුදල් අයකිරීම සම්බන්ධයෙන් ජනතාව විසින් එල්ල කරන චෝදනාවලට සතියක් ඇතුළත පරීක්ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙසට සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න විසින්.

පවතින ආර්ථික තත්ත්වය හමුවේ පීඩාවට පත්ව ඇති ජනතාව ඉලක්කකර ගනිමින් සහල් සහනාධාරයක් ලබාදීමට පසුගියදා රජය තීරණය කළා.

මෙම වැඩසටහනේ පළමු අදියර බදුල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කළ අතර එම සහල් ලබාගත් ජනතාව චෝදනා කළේ සහල් ප්‍රමිතියෙන් තොර බවයි.

එමෙන්ම සහල් නිෂ්පාදනය කළ දිනය පවා වෙනස් කර ඇති බවටද ඔවුන් චෝදනා කළා.

නෙත් නිවුස් ඒ සම්බන්ධයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධනගෙන් සිදුකළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ සහල් බෙදාහැරුණු ස්ථාන 03කින් සහල කිලෝ 60ක ප්‍රමාණයක් සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බවයි.