රඹුක්කන, වාගොල්ල වත්ත ප්‍රදේශයේදී අපරාධ රැසක් සිදුකර ඇප මත නිදහස්ව සිටි සැකකරුවෙකු හෙරොයින් සන්තව සිටියදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, පොලිස් විශේෂ කාර්ය බලකායේ කෑගල්ල කඳවුරේ නිලධාරින්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි.
සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 820ක් සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ රඹුක්කන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
2022 වසරේ අහුංගල්ල ප්‍රදේශයේ හෝටලයක් අසලදී පුද්ගලයින් දෙදෙනකුට වෙඩිතබා ඝාතනය කිරිම, 2017 වසරේදී ගොඩකවෙල ප්‍රදේශයේ සිදුවූ මැණික් මංකොල්ලය, 2017 වසරේ රාගම ප්‍රදේශයේ බැසිලිකා පාසල අසලදී මෝටර් රථයකට වෙඩිතබා එහි තිබූ රුපියල් ලක්ෂ 78 ක මුදලක් මංකොල්ලකෑම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වනවා.
අදාළ සිද්ධීන්වලට අදාළව සැකකරු බන්ධනාගාර ගතව සිට මේ වනවිට ඇප මත නිදහස්ව සිටින පුද්ගලයකු බවයි පොලිසිය පැවසුවේ.