Friday, May 17, 2024

General line - 0115112241

රට පුරා පවුල් සෞඛ්‍ය නිලධාරි හිඟයක්




පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් ලෙස බඳවාගැනීමට සම්මුඛ පරීක්ෂණ පවත්වා තෝරාගත් කණ්ඩායම කඩිනමින් සෞඛ්‍ය සේවාවට එක්කර ගන්නා ලෙස රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා.

එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ හිඟය හේතුවෙන් රාජකාරි කටයුතුවලටද බලපෑම් එල්ල වන බවයි.   


කෙසේවෙතත් සෙසු පිරිස බඳවා ගැනීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.


රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් මුහුණපා ඇති දුෂ්කරතා සඳහා කඩිනම් විසඳුමක් ලබාදීම බලධාරින් සතු වගකීමක් බවයි.