Friday, May 17, 2024

General line - 0115112241

ලොව පළමු බුදු පිළිමය ගැන අලුත් අනාවරණයක්




ලොව ප්‍රථම බුද්ධ ප්‍රතිමාව සම්බන්ධයෙන් නෙත් එෆ් එම් අන්ලිමිඩට් හිස්ටි්‍ර වැඩසටහනේදී ඊයේ රාත්‍රියේ සාකච්ඡා කෙරුණා.

ඒ, බුද්ධ ප්‍රතිමා නිර්මාණය වීම බුදුන් උපන් ඉන්දියාවේ සිදුනොවූ බවට පළවන අදහස් සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්.

ඊට එක්වූ පුරා විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසුවේ ක්‍රිස්තු වර්ෂ 30 සහ ක්‍රිස්තු වර්ෂ 375 යන කාල පරාසය තුළ පළමු බුද්ධ ප්‍රතිමාව නිර්මාණයවී ඇති බවයි.  


බුද්ධ ප්‍රතිමා නිර්මාණය සහ රජ සමයේ නිකුත් වූ කාසි අතර ඇති සම්බන්ධය පිළිබඳවද මෙහිදී අදහස් පළවුණා.


පළමු බුද්ධ ප්‍රතිමාව නිර්මාණය කිරීම සඳහා ග්‍රීක නිර්මාණ බලපෑවේද?


ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් හිස්ටි්‍ර සම්පූර්ණ වැඩසටහන නෙත් එෆ් එම් යූටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.