Saturday, May 18, 2024

General line - 0115112241

රුපියල ශක්තිමත්වීමේ වාසිය ජනතාවට නොලැබෙන බවට ආර්ථික විශ්ලේෂකයින්ගෙන් චෝදනා




අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට නිසි පරිදි නොලැබෙන බව ආර්ථික විශ්ලේෂකයින් පවසනවා.

රුපියල ශක්තිමත් වීම හරහා සියලු ආනයනික භාණ්ඩවල මිල ගණන් පහළ දමා එහි වාසිය ජනතාවට ලබාදිය යුතු බවයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ. 


මෙරට ආර්ථිකයේ පවතින දුර්වලතා සම්බන්ධයෙන්ද මහාචාර්ය වසන්ත අතුකෝරල මෙලෙස අදහස් පළකළා. 


මේ අතර ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන මුදල් ඒකකයක් බවට රුපියල අද වන විට පත්ව ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම වසරේ මුල් මාස හතර තුළ පමණක් රුපියල ලොව සෑම මුදල් ඒකකයක් සමඟම සැසඳීමේදී කැපී පෙනෙන වර්ධනයක් අත් කරගෙන ඇති බවයි.