Saturday, May 18, 2024

General line - 0115112241

ජනපතිවරණයට ඇති විදෙස් කුමන්ත්‍රණයක් ඇල්ලේ ගුණවංශ හිමියන් හෙළිකරයි




තමන්ට අවශ්‍ය ශ්‍රී ලාංකිකයෙකු මෙරට ජනපති ලෙස පත්කිරීමට විදෙස් රටවල් රැසක් උත්සාහයක නිරත වන බව දේශය සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසනවා.

එම රටවල් එලෙස උත්සාහයක නිරත වන්නේ පත්වන නව ජනාධිපතිවරයා හරහා සිය අවශ්‍යතාවයන් ඉටුකර ගැනීම සඳහා බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ. 


නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගය නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.