Saturday, May 18, 2024

General line - 0115112241

 ග්‍රෝන්ප්‍රී තරඟාවලියේදී යුපුන් සහ නදීෂා වැඩ පෙන්වයි




එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන ග්‍රෝන් ප්‍රී මළල ක්‍රීඩා තරඟාවලියේදී දක්ෂතා දැක්වීමට යුපුන් අබේකෝන් සහ නදීෂා රාමනායක සමත් වී තිබෙනවා.

එම තරඟාවලියේ මීටර් 100 පිරිමි ඉසව්වේ තෙවන ස්ථානය දිනා ගනු ලැබුවේ යුපුන් අබේකෝන් විසින්. එම තරඟය තත්පර 10යි දශම 18කින් නිම කිරීමට යුපුන් අබේකෝන් සමත් වුණා. 

මේ අතර කාන්තා මීටර් 400 ඉසව්වෙන් දෙවන ස්ථානය දිනා ගැනීමට නදීෂා රාමනායක සමත් වී තිබෙනවා.