Saturday, May 18, 2024

General line - 0115112241

මැතිවරණය ගැන ඉගෙන ගන්න විදෙස් දේශපාලනඥයින් ඉන්දියාවට




ඉන්දියාවේ පාලක පක්ෂය වන භාරතීය ජනතා පක්ෂයේ ජාතික සභාපති JP Nadda, විදේශ කටයුතු අමාත්‍ය එස් ජයශංකර් සහ මධ්‍යම අමාත්‍ය අශ්වින් වයිශ්නාව්ගේ ප්‍රධානත්වයෙන් පක්ෂ මූලස්ථානයේදී රටවල් දහයක දේශපාලන පක්ෂ දහඅටක නියෝජිතයින් සමඟ රැස්වීමක් පැවැත්විණි.

භාරතීය ජනතා පක්ෂය විසින් ආරාධනා කරන ලද දූත පිරිස ඉන්දියාවට පැමිණියේ පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ ප්‍රථම අත්දැකීම් සහ අවබෝධය ලබා ගැනීම සඳහායි.

මෙම ක්‍රියාවලියේදී විදේශ දේශපාලඥයින්ට භාරතීය ජනතා පක්ෂයේ මැතිවරණ ව්‍යාපාරය පිළිබඳ අවබෝධයක් ලබා දෙන අතර එහි උපාය මාර්ග සහ සමස්ත මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳව දැනුවත් කෙරෙන බව ද භාරතීය ජනතා පක්ෂය ප්‍රකාශ කර ඇත.

මුරුසියේ සිට මොරිෂස් සටන්කාමී ව්‍යාපාරය නියෝජනය කරන විජේ මාඛාන්, ඔහුගේ අත්දැකීම සුවිශේෂී බව පවසමින් ඔහුගේ අදහස් බෙදා ගත්තේය.

බංග්ලාදේශය නියෝජනය කරමින් අවාමි ලීගයේ සාමාජික සලීම් මොහොමඩ් ද ඊට සහභාගි වුණි.

ඔහු පැවසුවේ ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලියට ප්‍රසාදය පළ කරන බවයි.

ඕස්ට්‍රේලියාවේ ලිබරල් පක්ෂය, වියට්නාමයේ කොමියුනිස්ට් පක්ෂය, බංග්ලාදේශයේ අවාමි ලීගය, ඊශ්‍රායලයේ ලිකුඩ් පක්ෂය, උගන්ඩාවේ ජාතික ප්‍රතිරෝධක ව්‍යාපාරය, ටැන්සානියාවේ චාමා චා මාපින්දුසි සහ රුසියාවේ එක්සත් රුසියානු පක්ෂය යන දේශපාලන පක්ෂ ඉන්දියාවට පැමිණෙන දේශපාලන පක්ෂ අතර වේ.

ඊට අමතරව මොරිෂස් හි කම්කරු පක්ෂය, මොරිෂස් සටන්කාමී ව්‍යාපාරය සහ මොරිෂස් වෙතින් මොරිෂියානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, සහ නේපාල කොංග්‍රසය, ජනමාත් පක්ෂය, නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය (ඒකාබද්ධ මාක්ස්වාදී-ලෙනින්වාදී), නේපාලයේ කොමියුනිස්ට් පක්ෂය (මාඕවාදී) සහ නේපාලයේ රාෂ්ට්‍රිය ස්වාධීන පක්ෂය භාරතීය ජනතා පක්ෂයේ ආරාධනය මත එලෙස ඉන්දියාව පැමිණීමට නියමිත් තවත් පක්ෂ කිහිපයක්.

එමෙන්ම ශ්‍රී ලංකාව ද ආරාධිත රටවල් අතර සිටියි