Saturday, May 18, 2024

General line - 0115112241

ජපාන විදේශ ඇමති දිවයිනට

ටී කේ ජී කපිල




ජපාන විදේශ අමාත්‍ය යෝකෝ කමිකාවා දෙදින නිල සංචාරයක් සදහා අද දිවයිනට පැමිණියා.

නෙත් නිවුස් කටුනායක ගුවන් තොටුපොළ වාර්තාකරු පැවසුවේ ජපාන විදේශ අමාත්‍යවරිය එරටට අයත් විස්ටා ජෙට් විශේෂ ගුවන් යානයෙන් දිවයිනට පැමිණි බවයි.

ඇය සමග 20 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද පැමිණ තිබෙනවා.

ජපාන විදේශ අමාත්‍යවරිය පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ ජපාන තානාපති හිදෙකි මිෂුකොෂි, විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය ඇතුළු පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටි බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

ජපාන විදේශ අමාත්‍යවරිය සිය සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය අලි සබි්‍ර ඇතුළු මෙරට නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.