Saturday, May 18, 2024

General line - 0115112241

ලබා දෙන සහන ජනතාවට ගලා නොයන බවට ආණ්ඩුවේම මන්ත්‍රීවරයෙකුගෙන් චෝදනා




ආණ්ඩුව ලබා දෙන සහන ජනතාව වෙත ගලා නොයන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.

ව්‍යාපාරිකයන් හා අතරමැදියන් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ.  


රුපියල ශක්තිමත් වීම හරහා එහි වාසිය ජනතාව වෙත හිමි නොවන බවට ආර්ථික විශ්ලේෂකයින්ද චෝදනා කළා.