ඊශ්‍රායල භාරයේ සිටි පලස්තීන වෛද්‍යවරයකු ඊශ්‍රායල සිරකඳවුරක් තුළ මිය ගොස් තිබෙනවා.
මෙලෙස මිය ගොස් ඇත්තේ 50 හැවිරිදි අල්-ෂිෆා රෝහලේ විකලාංග ප්‍රධානියෙකු ලෙස කටයුතු කළ වෛද්‍යවරයකු බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
වෛද්‍යවරයාගේ මරණයට හේතුව මෙතෙක් හෙළිවී නැහැ.
කෙසේවෙතත් එම වෛද්‍යවරයා මියගොස් ඇත්තේ ඊශ්‍රායලය විසින් දරුණු වධහිංසා ලබාදීම හේතුවෙන් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ඊශ්‍රායල බන්ධනාගාර ප්‍රධානින් පවසන්නේ.
එම වෛද්‍යවරයා ඊශ්‍රායල හමුදා විසින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ උතුරු ගාසාහි අල්-අවාඩා රෝහලේ තාවකාලිකව සේවය කරමින් සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ඔහුගේ මරණයත් සමඟ ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලයේ යුද්ධය ආරම්භ වූ දා සිට මියගිය සමස්ත වෛද්‍ය නිලධාරීන් සංඛ්‍යාව 496 දක්වා ඉහළ ගොස් ඇති බවයි.