Saturday, May 18, 2024

General line - 0115112241

කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44කින් පහළට

රංජිත් රාජපක්ෂ




මධ්‍යම කඳුකරයට පවතින අධික වියළි කාලගුණයත් සමඟ කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල ධාරිතාව සිඝ්‍රයෙන් පහළ බසිමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පවසනවා.

පවතින අධික වියළි කාලගුණයත් සමඟ අද කාසල්රි ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 44කින් පහළ බැස ඇති අතර, මවුස්සාකැලේ ජලාශයේ ජල ධාරිතාව පිටාර මට්ටමේ සිට අඩි 49කින් පහළ බැස ඇති බවයි ඉංජිනේරුවන් කියා සිටියේ.

ජලාශයන්හි ජල මට්ටම සීඝ්‍රයෙන් පහළ බැසීම හේතුවෙන් මවුස්සාකැලේ ජලාශය ඉදිකිරිමේදී ජලයට යට වූ පැරණි මස්කෙලිය නගරයේ පන්සල, හින්දු කොවිල ඇතුළු නටබුන් රැසක් යලි මතුවී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.