2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම සඳහා සියලු කටයුතු මේවන විටත් සූදානම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර නෙත් නිවුස් වෙත පැවසුවේ හෙට ආරම්භ වන සාමාන්‍ය පෙළ විභාගය මැයි 15වනදා දක්වා පැවැත්වෙන බවයි.
සාමාන්‍ය පෙළ විභාගය සඳහා සම්බන්ධ වන කාර්ය මණ්ඩලයේ 40,000ක් පමණ පුහුණු කිරීමේ වැඩසටහනක් අද දිනයේ ක්‍රියාත්මක වන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසුවා.
එමෙන්ම විභාග අපේක්ෂකයන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා සියලු විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව සෞඛ්‍ය වැඩසටහන්ද ක්‍රියාත්මක කළ බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර වැඩිදුරටත් පැවසුවේ.
මේ අතර 2022 වර්ෂයේ පැවති අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ඊයේ රාත්‍රියේ නිකුත් කර තිබෙනවා.
මෙවර නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 49,312 දෙනෙකු අයදුම් කර තිබූ අතර නැවත සමීක්ෂණයට ලක් කළ පිළිතුරු පත්‍ර සංඛ්‍යාව දෙලක්ෂ 50,311ක්. අදාළ ප්‍රතිඵල ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ලබා ගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.