පවතින ආර්ථික තත්ත්වය හමුවේ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සෘජු හා වක්‍ර රැකියා ලක්ෂ 07ක් පමණ මේවන විට අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසනවා.
එහි සභාපති එම් ඩී පෝල් පැවසුවේ කොවිඩ් වසංගතයෙන් අනතුරුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ මිල ඉහළයාම හමුවේ ජනතාව ඉදිකිරීම් කටයුතු නතර කිරීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වූ බවයි.
සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 50කින් අඩුකළද එය ජනතාවට දැනෙන මුදලක් නොවන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.