Saturday, May 18, 2024

General line - 0115112241

ගැටළු රැසක් මැද ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දිනය සමරයි




ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දිනය අදට යෙදී තිබෙනවා.

“හෙට ලෝකය උදෙසා තිරසාර පවුල් සෞඛ්‍ය සේවාවක්” යන තේමාව යටතේ අද දිනයේ පවුල් සෞඛ්‍ය දින සැමරුම් උළෙල වැලිඔය, සම්පත්නුවර, ඇතාවැටුනු වැව, මහවැලි සංචාරක බංගලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා.

එහිදී වැඩසටහන් රැසක් ක්‍රියාත්මක බවයි රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු පැවසුවේ.  


මනා සෞඛ්‍ය සේවාවක් රට තුළ ගොඩනැගීම සඳහා දුෂ්කරතා රැසක් මධ්‍යයේ සිය සාමාජිකාවන් රාජකාරි කරන බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.  


සිය ක්ෂේත්‍රයේ පවතින තවත් ගැටළු කිහිපයක් පිළිබඳවද රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමයේ සභාපති දේවිකා කොඩිතුවක්කු මෙලෙස අදහස් පළකළා.