Saturday, May 18, 2024

General line - 0115112241

යුද ගැටුම් මැද ප්‍රාණ ඇපකරුවන්ගේ නිදහස ඉල්ලා ඊශ්‍රායල ජාතිකයින් උද්ඝෝෂණයක




ඊශ්‍රායල සහ පලස්තීන සටන් විරාම සාකච්ඡාවලට පෙර ප්‍රාණ ඇපකරුවන් තම රටට ගෙන්වා ගැනීමට ගිවිසුමක් අත්සන් කරන ලෙස ඉල්ලමින් ඊශ්‍රායල ජාතිකයින් විසින් එරට උද්ඝෝෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඊශ්‍රායලය සහ ගාසා තීරයේ ප්‍රහාර නවතා දැමීම සම්බන්ධයෙන් දිගුකාලීන සාකච්ඡා නැවත ආරම්භ කර ඇති පසුබිමක ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා ඊශ්‍රායල වැසියන් මෙලෙස රැස්වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම සාකච්ජා තුළ දින 40ක සටන් විරාමයක් සහ ඊශ්‍රායල සිරගෙවල් තුළ රඳවා සිටින පලස්තීන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් හමාස් නායකයාගේ උපදේශකයෙකු වන ඉස්මයිල් හනියේ පවසා ඇත්තේ ගාසා තීරයෙන් ඊශ්‍රායලය ඉවත්වීම සහ යුද්ධය සම්පූර්ණයෙන් අවසන් කිරීම මෙම ගිවිසුම් තුළට ඇතුළත් විය යුතු බවයි.