Sunday, May 19, 2024

General line - 0115112241

තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවදානාත්මක නිවේදනයක්




තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවදානාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත්කර තිබෙනවා.

ඒ අනුව කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශයවල මුහුදු රළ උස මීටර් 2.5ත් 3.0ත් අතර සහ තරංග කාලය තත්පර 12ත් 16ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

එම හේතුව නිසා කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවද පවතින බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

එබැවින් කල්පිටිය සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකියි.

එම නිසා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනනේ.