Sunday, May 19, 2024

General line - 0115112241

සියක් නමක් සහභාගිත්වයෙන් මාහාචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් ආගමික වතාවත්




අභාවප්‍රාප්ත මාහාචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් පවත්වන පුණ්‍යානුමෝදනා පිංකම සියක් නමක් සහභාගිත්වයෙන් සමස්ත ලංකා බෞද්ධ සම්මේලනයේදී අද සිදුකෙරුණා.

එම අවස්ථාවට පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි ඇතුළු ස්වාමින් වහන්සේලා රැසක් වැඩම කර සිටියා.

එමෙන්ම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක්ද එම අවස්ථාවට සහභාගී වුණා.

එම අවස්ථාවට වැඩම කළ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි මාහාචාර්ය නලින් ද සිල්වා මහතා වෙනුවෙන් අනුශාසනාවක් සිදුකළා.


මාහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අභාවය රටට විශාල පාඩුවක් බවයි එම අවස්ථාවට එක්වූ අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන පැවසුවේ.


මාහාචාර්ය නලින් ද සිල්වා මහතාගේ අවසන් කටයුතු ඇමරිකාවේදී අද දිනයේ සිදුකිරීමට නියමිත බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.