Sunday, May 19, 2024

General line - 0115112241

ග්‍රාම නිලධාරීන් වෘත්තීය ක්‍රියාමාර්ගයක




අසනීප නිවාඩු වාර්තා කරමින් අද සහ හෙට වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බව ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමය පවසනවා.

ග්‍රාම නිලධාරින්ට ලබාදෙන දීමනා වැඩිකරන ලෙස සහ ග්‍රාම නිලධාරි සේවා ව්‍යවස්ථාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස බලකරමින් තමන් එලෙස වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවන බවයි එම සංගමයේ සභාපති නන්දන රණසිංහ පැවසුවේ.

 

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් අඩාල වන සේවාවන් සම්බන්ධයෙන්ද ශ්‍රී ලංකා එක්සත් ග්‍රාම නිලධාරින්ගේ සංගමයේ සභාපති නන්දන රණසිංහ අදහස් පළකළා.