Sunday, May 19, 2024

General line - 0115112241

මැණික් තොගයක් නීති විරෝධීව දිවයිනෙන් රැගෙන යාමට තැත් කළ ගුවන් මගියෙකු කටුනායකදී අත්අඩංගුවට




මැණික් තොගයක් නීති විරෝධී ලෙස දිවයිනෙන් රැගෙන යෑමට තැත් කළ  ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ චෙන්නායි බලා පිටත් වීමට පැමිණි ශ්‍රී ලාංකික ගුවන් මගියෙකුගේ ගමන් මල්ලේ තිබී මෙම මැණික් තොගය සොයාගෙන ඇත්තේ ගුවන් තොටුපොළ ආරක්ෂක අංශය විසින්. එහිදී එම ගමන් මල්ලේ තිබී ග්‍රෑම් 482යි මිලිග්‍රෑම් 02ක් බරැති විවිධ වර්ගයේ මැණික් ගල් සොයාගෙන ඇති බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂක ජනරාල් සීවලී අරුක්ගොඩ පැවසුවේ.

එම මැණික් තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 16ක් පමණ වන බවට රේගුව විසින් තක්සේරු කර තිබෙනවා.

ගුවන් තොටුපොළ එක්ස්රේ යන්ත්‍රවලට හසුනොවන පරිදි මෙම මැණික් ගල් කාබන් කොලවලින් ඔතා තිබුණු බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසුවා.