Sunday, May 19, 2024

General line - 0115112241

සාමාන්‍ය පෙළ පළමු දිනය සාර්ථකව අවසන්




2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ පළමු දිනය වූ අද දිනයේ විභාගය සාර්ථකව පැවැත්වූ බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527කදී විභාගයට පෙනී සිටින අපේක්ෂකයන් ගණන හාර ලක්ෂ පනස් දෙදහස් නවසිය හැත්තෑ නවයක්.  

ඒ අනුව සියලු විභාග මධ්‍යස්ථානවලදී කිසිදු බාධාවකින් තොරව අද දිනයේ විභාග පැවැති බවයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පැවසුවේ. විභාගය ලබන 15වන දා දක්වා පැවැත්වෙනවා.

ඒ අනුව කල්වේලා ඇතිව සිය විභාග මධ්‍යස්ථානය වෙත පැමිණෙන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටියේ.


තහනම් කර ඇති උපකරණ සහ ද්‍රව්‍ය විභාග මධ්‍යස්ථානය වෙත රැගෙන ඒමෙන් වළකින ලෙසද විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර ඉල්ලීමක්ද කළා. 

 

මේ අතර විභාග මධ්‍යස්ථානවල ආරක්ෂාවට මෙන්ම විභාගය සඳහා පැමිණෙන අපේක්ෂකයන්ට බාධාවකින් තොරව විභාග මධ්‍යස්ථාන වෙත පැමිණීම සඳහා අවශ්‍ය පහසුකම් සලසා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.