Sunday, May 19, 2024

General line - 0115112241

බෝම්බයක් රැගෙන දරුවන් ප්‍රාණ ඇපයට ගත් පියාට වැඩ වරදී




හංවැල්ල, ජල්තර රාජ්‍ය සේවක නිවාස සංකීර්ණය තුළදී අත්බෝම්බයක් අතැතිව සිය දරුවන් දෙදෙනා ප්‍රාණ ඇපයට ගෙන සිටියදී අත්අඩංගුවට පත්වූ පුද්ගලයා හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව පොලිසිය පවසනවා.

සිය බිරිඳ සමඟ ඇතිවු ආරවුලක් හේතුවෙන් එම පුද්ගලයා ඊයේ රාත්‍රියේ අත්බෝම්බයක් අතැතිව පැමිණ තම දරුවන් එලෙස ප්‍රාණ ඇපයට ගෙන තිබු බවයි පොලිසිය පැවසුවේ.

වහා ක්‍රියාත්මක වූ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම සහ බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායම් එම ස්ථානයට ගොස් මුදාගැනිමේ මෙහෙයුමක් ආරම්භ කළා.

ඒ අනුව පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ අවි හා උපක්‍රම කණ්ඩායම හා බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායම් අද අළුයම 03.35ට පමණ එම නිවසට ඇතුළුවී දරුවන් දෙදෙනා ආරක්ෂිතව මුදාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එම සැකකරු ද ජීව අත්බෝම්බය සමඟ ආරක්ෂිතව අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් අනතුරුව සැකකරු වැඩිදුර විමර්ශන සඳහා හංවැල්ල පොලිසිය වෙත භාරදුන් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.