Sunday, May 19, 2024

General line - 0115112241

ඊශ්‍රායලයේ අල්ජසිරා රූපවාහිනී මධ්‍යස්ථානය වසා දමයි




ඊශ්‍රායලයේ පවතින අල්ජසිරා රූපවාහිනී මධ්‍යස්ථානය වසා දැමීමට එරට රජය තීරණය කර තිබෙනවා.

ඒ, අල්ජසිරා රූපවාහිනී මධ්‍යස්ථානය හමාස් සංවිධානයට සහය දෙන බවට සැක පලකරමින් බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

එම රූපවාහිනී මධ්‍යස්ථානය ඊශ්‍රායලයේ ආරක්ෂාවට භයානක තර්ජනයක් වන බැවින් එම තීරණය ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

එමෙන්ම පසුගිය දිනෙක ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන මාධ්‍ය ආයතන තාවකාලිකව වසා දැමීමට ඊශ්‍රායලය පාර්ලිමේන්තුව නීතියක් සම්මත කරගත් බවයි වාර්තා වන්නේ.

අදාළ නීතිය සැලකිල්ලට ගනිමින් අල්ජසිරා රූපවාහිනී මධ්‍යස්ථානය වසා දැමීමට එරට කැබිනට් මණ්ඩලයේද අනුමැතිය හිමිව ඇති බවයි එරට අගමැති බෙංජමින් නෙතන්යාහු සඳහන් කර ඇත්තේ. 

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් ඊශ්‍රායලයේ අල්ජසිරා රූපවාහිනී මධ්‍යස්ථානය සඳහන් කළේ අල්ජසිරා රූපවාහිනී මධ්‍යස්ථානය හමාස් සංවිධානයේ ප්‍රචාරක මෙවලමක් ලෙස සැලකීම පදනම් විරහිත චෝදනාවක් වන බවයි.

එය මාධ්‍ය නිදහස උල්ලංඝනය කිරීමක් බවද අල්ජසිරා රූපවාහිනී මධ්‍යස්ථානය පවසනවා.

මේ අතර ඊශ්‍රායලය විදෙස් මාධ්‍ය ආයතනයක් තහනම් කළ පළමුව අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.