මෝදර ප්‍රදේශයේදී තියුණු ආයුධයවලින් පහරදී පුද්ගලයෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, මෝදර පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මෝදර වෙරළ තීරයේ සහ රෙඩ්බානාවත්ත ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදීයි.
අත්අඩංගුවට ගත් එක් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 55කට අධික ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා.
එමෙන්ම රාගම ප්‍රදේශයේ නිවසක සගවා තිබූ ටී 56 වර්ගයේ ගිනි අවියක්, එම පතොරම් ගැබ් දෙකක් හා ටී 56 වර්ගයේ පතොරම් 265ක්, මිලි මීටර් 09 වර්ගයේ පතොරම් 23ක් සහ යතුරුපැදි දෙකක්ද සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹුලාඇල, බ්ලූමැන්ඩල් සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙක්.