Sunday, May 19, 2024

General line - 0115112241

ඌරගස්මංහන්දියේ සහ ආගරපතනේ පිරිමි මල සිරුරු දෙකක්




ඌරගස්මංහන්දිය, හිරිකුඹුර ප්‍රදේශයේ කුඹුරක තිබී පිරිමි මල සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒ, ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානය වෙත ලද තොරතුරක් මත සිදුකළ පරික්ෂාවකදියි.

මෙලෙස මියගොස් ඇත්තේ අන්නාසිගලකන්ද ප්‍රදේහයේ පදිංචි වයස අවුරුදු 36ක් වූ පුද්ගලයකු බවට හඳුනාගෙන තිබෙනවා. 

මේ අතර ආගරපතන, කට්ටමෝෂන් ප්‍රදේශයේ කැලෑබද කොටසක තිබී මල සිරුරක් සොයාගෙන තිබෙනවා.

එලෙස මියගොස් ඇති පුද්ගලයාගේ අන්‍යයතාව මෙතෙක් තහවුරුවී නොමැති බවයි ආගරපතන පොලිසිය පැවසුවේ.