Sunday, May 19, 2024

General line - 0115112241

චීනයේ තවත් උසස් නිලධාරීයෙකුට දූෂණ චෝදනා




ජනාධිපති ෂී ගේ දූෂණ විරෝධී ව්‍යාපාරය යටතේ එරට ජාත්‍යන්තර පොලිස් කමිටුවේ සේවය කළ චීනයේ හිටපු උප අධිකරණ අමාත්‍ය Liu Zhiqiang ට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව 60 හැවිරිදි ලියු විනය සමාලෝචනයට සහ අධීක්ෂණ විමර්ශනයකට භාජනය වෙමින් සිටින බවත් විනය සහ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කළ බවට සැක කරන බවත් චීනයේ විනය පරීක්ෂණ සඳහා වූ මධ්‍යම කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර ඇති බවයි වාර්තා වන්නේ.

චීන ජනාධිපති ෂී ජින්පින්ගේ අත්සන සහිත දූෂණ විරෝධී ව්‍යාපාරය එහි 11 වන වසරට පිවිසීමත් සමඟ අමාත්‍ය මට්ටමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිය ගණනක් පිළිබඳ සැක පළ කර ඇති බව ද සඳහන්.

පසුගිය වසරේදී චීනයේ විනය පරීක්ෂණ සඳහා වූ මධ්‍යම කොමිෂන් සභාව විසින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හතළිස් පස් දෙනෙකුට එරෙහිව විමර්ශන ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සවුත් චයිනා මෝනිං පෝස්ට් වාර්තා කරන්නේ 2023 ට පෙර, එක් වසරක් තුළ එම කොමිසම විසින් වැඩිම ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සංඛ්‍යාවක් විමර්ශනය කර ඇත්තේ 2014 දී බවයි.

එම සංඛ්‍යාව 38 ක්.

2020 දී නිලධාරීන් 18 දෙනෙකු විමර්ශනයට ලක් වූ නමුත් එතැන් සිට වාර්ෂික සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව සඳහන්.

ඒ අනුව 2021 දී ඉහළ පෙළේ නිලධාරීන් 25 ක්  සහ 2022 දී නිලධාරීන් 32 ක් දූෂණ සහ වංචා සම්බන්ධයෙන් විමර්ශනයට ලක්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළා.