Sunday, May 19, 2024

General line - 0115112241

20යි 20 ලෝක කුසලානයට අපරාජිතව යන්න ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද තරඟ බිමේ




2024 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සුදුසුකම් ලබාගැනීමේ වටයේ අවසන් මහා තරඟය අද රාත්‍රියේ අබුඩාබිහීදි පැවැත්වෙනවා.

ඒ, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ස්කොට්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම මෙම තරඟාවලියේදී A කාණ්ඩය යටතේ තරඟ කරමින් සහභාගී වූ තරඟ හතරම ජය ගැනීමට සමත් වුණා.

ස්කොට්ලන්ත කණ්ඩායමද A කාණ්ඩයෙන් තරඟ කළ අතර සහභාගී වූ තරඟ හතරෙන් තුනක් ජයගැනීමට සමත් වුණා.

ඔවුන් පළමු වටයේදී පරාජයට පත්වුණේ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම හමුවෙයි.

එම තරඟයේදී පළමුව පන්දුවට පහරදුන් ස්කොට්ලන්ත කණ්ඩායම පන්දුවාර 18යි එක් පන්දුවකදී ලකුණු 94ට දැවී ගියා.

ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10යි එක් පන්දුවකදී කිසිවෙකු නොදැවී ලකුණු 95ක් රැස්කර ගනිමින් එම තරඟයේ ජය වාර්තා කළා.

මෙම තරඟාවලියේ අවසන් වටයට සුදුසුකම් ලැබීමත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම දැනටමත් 2024 අයි සී සී 20යි 20 ලෝක කුසලාන තරඟාවලියට සුදුසුකම් ලබා සිටිනවා.

ඒ අනුව අද තරඟයද ජයගතහොත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට මෙම තරඟාවලියේ අපරාජිත කණ්ඩායම ලෙස ලෝක කුසලාන තරඟාවලියට සහභාගීවීමේ අවස්ථාව හිමිවනු ඇති.