Sunday, May 19, 2024

General line - 0115112241

උද්ඝෝෂකයින්ට විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්




2023 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන දිනයන්හීදී සිසුන්ට බාධාවන අයුරින් උද්ඝෝෂණ සහ ඊට අදාළ විවිධ ක්‍රියාකාරකම්වල නිරත නොවන ලෙසට විභාග දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

එලෙස කටයුතු නොකළහොත් සිසුන් පීඩාවට පත්වන බවයි නෙත් නිවුස් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පෙන්වා දුන්නේ.


විභාගය පැවැත්වෙන දිනවලදී දරුවන්ගේ ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳවද වැඩි අවධානයක් යොමුකරන ලෙසයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මව්පියන්ගෙන් ඉල්ලා සිටියේ.


2023 වසරට අදාළ අධ්‍යයනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන 15 වනදා දක්වා පැවැත්වෙනවා.

එම විභාගය සඳහා අපේක්ෂකයන් හාර ලක්ෂ පනස් දෙදහස් නවසිය හැත්තෑ නවයක් ඉල්ලුම් කර ඇති බවයි විභාග දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවේ.