Monday, May 20, 2024

General line - 0115112241

වසර 22ක් මගීන්ට සේවය සැලසූ ලංගම රියදුරුට මගීන්ගෙන් අපූරු තෑග්ගක්

චින්තක ක්‍රිෂාන්ත-ඉසුරු කාවින්ද




වසර 22ක් එකම බස් රථයක සේවය කළ රියදුරෙකු වෙනුවෙන් එම බස් රථයේ ගමන් ගන්නා මගීන් විසින් ලබා දුන් අපූරු තෑග්ගක් පිළිබඳව හොරොව්පතාන ප්‍රදේශයෙන් වාර්තා වනවා.

ඒ, හොරොව්පතාන ලංගම ඩිපෝවේ පඩිකාරමඩුව සිට මහනුවර දක්වා ධාවනය වන බස්රථයක සේවය කරන රියදුරෙකුගේ අදට යෙදී තිබූ උපන් දිනය වෙනුවෙන්.

ඔහුගේ උපන්දිනයට එම බස් රථයේ ගමන් ගන්නා මගීන් විසින් බස් රථය තුළදීම කේක් කපා ඔහුට සුබ පැතීමට කටයුතු කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ.

බස් රථයේ ගමන් ගන්නා මගීන් එම රියදුරුගේ 56 වන උපන්දිනය වෙනුවෙන් මෙලෙස ඔහුට සුබ පතා තිබෙනවා.