Monday, May 20, 2024

General line - 0115112241

පකිස්තාන අගමැතිට ගොවීන්ගෙන් විරෝධයක්




ගොවීන්ගේ අවශ්‍යතා ආරක්ෂා කරන බවට පොරොන්දු ලබා දී බලයට ආ පකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙබාස් ෂරීෆ් එම පොරොන්දු නොතකා හරින බවත්, තිරිඟු වංචා විමර්ශනයට පකිස්ථාන ආන්ඩුවේ ප්‍රතිචාරය මගහැරී යන බවත් පෙනෙන්නට ඇතැයි එරට මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඔහු ගොවීන් සඳහා නොසැලෙන සහය ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇති නමුත් චෝදනා එල්ල වූ වංචාව තරයේ විමර්ශනය කිරීමට සහ වගකිව යුත්තන්ට වගවීමට ෆෙඩරල් ආන්ඩුව දක්වන අකමැත්ත පැහැදිලිව පෙනෙන්නට ඇති බවයි වාර්තා වන්නේ.

තිරිඟු ආනයනයේ අක්‍රමිකතා හෙළිදරව් කිරීමට පැවරී ඇති කරුණු සෙවීමේ කමිටුවේ ප්‍රධානියා වන්නේ කැබිනට් ලේකම් කම්රාන් අලි අෆ්සාල්.

කෙසේ වෙතත්, විමර්ශනයේ පූර්ණ නියැලීමට රජය තුළ දෙගිඩියාවක් පවතින බව පෙනෙන්නට ඇතැයි පකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් එරට දේශපාලන ක්‍රියාකාරීන් පවසන්නේ හිටපු අග්‍රාමාත්‍ය නවාස් ෂරීෆ්ගේ දේශපාලන බලපෑම නොසලකා අපරාධකරුවන්ට එරෙහිව දැඩි ක්‍රියාමාර්ගයක් ගැනීමට වත්මන් අග්‍රාමාත්‍යවරයා කටයුතු කළ යුතු බවයි.

එමෙන්ම අදාල තිරිගු ආනයන වංචාද විමර්ශනයට එරෙට NAB හෝ FIA වැනි විමර්ශන ආයතන සම්බන්ධ කර ගැනීමට වත්මන් රජයට උනන්දුවක් නොමැති බවට ද චෝදනා එල්ල වනවා.

පකිස්තාන රුපියල් මිලියන 500 ඉක්මවන බව කියන එම තිරිඟු ආනයන වංචාවේ විමර්ශන කල්‍ යාමත් සමග ගොවීන්ගෙන් රජයට ප්‍රභල විරෝධයක් එල්ල වෙමින් ඇතැයි ද පකිස්තාන මාධ්‍ය වාර්තා කළා.