Monday, May 20, 2024

General line - 0115112241

විසඳුමක් නෑ - හයවන දිනටත් සරසවි කටයුතු අඩාලයි




තම ගැටලු විසඳා ගැනීම සඳහා මේ දක්වා කිසිදු පාර්ශවයකින් පැහැදිලි පිළිතුරක් ලැබී නොමැති බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා.

එහි සම සභාපති ධම්මික එස් ප්‍රියන්ත පැවසුවේ තම ගැටලු පිළිබඳ සකස් කළ සංදේශ 02ක් අද දිනය තුළ අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාව වෙත යොමු වන බවයි.

කිසිදු ආකාරයකින් සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අත්හිටුවීමක් සිදු නොකරන බවයි ඔහු පැවසුවේ.

වැටුප් කප්පාදුව පිළිබඳ ගැටලුවක් මුල්කර ගනිමින් ඉකුත් 03වන දා සිට විශ්වවිද්‍යාල විධායක නිලධාරීන්ගේ සංගමය මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ නිරත වනවා.