Sunday, May 19, 2024

General line - 0115112241

ඊශ්‍රායලයට යැවූ බෝම්බ 3,500ක නැවක් අමෙරිකාව ආපසු හරවයි




අමෙරිකාව විසින් ඊශ්‍රායපයට බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය ලබා දීම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, දකුණුදිග ගාසා තීරයේ රෆා දේශ සීමා ආසන්නයේ මෙහෙයුම් ඊශ්‍රායලය මේ දක්වා නතර  නොකිරීමත් සමගයි.

ඉකුත් සතියේද අමෙරිකාව විසින් බෝම්බ ඇතුළු පුපුරන ද්‍රව්‍ය සහිත නෞකාවක් ඊශ්‍රායලය වෙත යැවීම සඳහා යාත්‍රා කිරීම ආරම්භ කළා.

එම නෞකාව වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමටයි අමෙරිකාව තීරණය කර ඇත්තේ. රාත්තල් 2,000ක බරකින් යුත් බෝම්බ 1,800ක් සහ රාත්තල් 500ක බරකින් යුත් බෝම්බ 1,700ක් එහි තිබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අමෙරිකාව මෙම තීරණය ගැනීමට ආසන්නතම හේතුව වී ඇත්තේ ගාසා තීරයට ඊශ්‍රායල් ගුවන් ප්‍රහාර තවදුරටත් එල්ල වීමයි.

ඊශ්‍රායල් හමුදා මෙහෙයුම් අතරට ඇතුළත් ප්‍රදේශ අතරට රෆා දේශ සීමාවද ඇතුළත්.  

රෆා යනු ගාසා යුද්ධයේ තීරණාත්මක දේශ සීමාවක්. යුද්ධයට මැදි වී සිටින ගාසා වැසියන්ට ආධාර ලබා දීමට තිබූ එකම පිවිසුම මෙම රෆා දේශ සීමාවයි. එමෙන්ම ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යාමට තිබූ එකම ස්ථානයද මෙයයි.