Monday, May 20, 2024

General line - 0115112241

අධිකරණයට අපහාස කළේ යැයි හිරුණිකාට එරෙහි නඩුව කල් යයි

උදය කුමාර




අධිකරණයට අපහාස කළේ යැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍රට එරෙහිව ගොනුකර ඇති පැමිණිල්ල ජූනි මස 14 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද නියම කළා.

මෙම නඩුකරයට අදාළ විරෝධතා ඇත්නම් ඒවා සති දෙකක් තුළ ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් අධිකරණය විසින් හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ නීතිඥවරුන්ට නියම කර තිබෙනවා.

ඌව පළාත් ආණ්ඩුකාර මොහොමඩ් මුසම්මිල්ගේ පුත්‍රයා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව මෙම නඩු විභාගය පැවැත්වෙනවා.