පෞද්ගලික ආයතනයක ඉහළ පරිපාලන නිලධාරියෙකු අනියම් ඇසුරකට පොළඹවාගෙන ඔහුගේ නිවසේ තිබූ භාණ්ඩ සොරකම් කළ තරුණියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පානදුර පින්වත්ත ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වූ අදාළ පරිපාලන නිලධාරියා විසින් කළ පැමිණිල්ලකට අනුවයි පින්වත්ත පොලීසිය මගින් මෙම සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත්තේ.
අදාළ සැකකාරිය රුපියල් ලක්ෂ දහයකට ආසන්න වටිනාකමකින් යුත් භාණ්ඩ මෙම පුද්ගලයාගේ නිවසෙන් සොරකම් කර තිබෙනවා.
හම්බන්තොට ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි එම තරුණිය අයිස් මත්ද්‍රව්‍යට ඇබ්බැහි වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.
අදාළ සැකකාරිය තවත් තරුණයෙකු සමග එක්ව පරිපාලන නිලධාරියාගේ නිවසට ජනේලයකින් ඇතුල් වී මෙම භාණ්ඩ සොරකම් කර තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයන් පින්වත්ත පොලීසිය මගින් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.